brand logo

සචින් ටෙන්ඩුල්කාර් සිය රසිකයින්ගෙන් උදව්වක් ඉල්ලයි

20 August 2020

ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු මාස්ටර් බ්ලාස්ටර් සචින් ටෙන්ඩුල්කාර් විසින් සිය රසිකයින්ගෙන් උපකාරයක් ඉල්ලා තිබේ. ඒ සිය ජීවිතයේ පළමු වරට මිලදී ගත් මෝටර් රථය වන මරූටි 800 මෝටර් රථය තමන්ට සොයාදෙන ලෙස යනුවෙනි. ඔහු විසින් පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් සිටි අතරතුර මේ බව සදහන් කර තිබේ. "මගේ පළවැනි මෝටර් රථය තමයි මරූටි 800. මේ වන විට එය මා සතුව නෑ. මම කැමැතියි එය නැවත මා සතු කර ගැනීමට. ඉතිං මේ වෙලාවේ මං කියන පණිවුඩය අසාගෙන සිටින ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ පිළිබද යම් තොරතුරක් වෙතොත් මා හට දැනුම් දෙන ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සචින් මෙලෙස ද අදහස් දැක්විය... මං කුඩා කාලේ ජීවත් වුනේ බංඩාර් ප්‍රදේශයේ. මම මගේ සහෝදරයා සමග නිවසේ උඩු මහලේ සිට ඉදිරියෙන් තිබෙන සිනමා ශාලාවට පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ මෝටර් රථ දිහා පැය ගණන් බලාගෙන හිටපු අවස්ථා අනන්තයි.
 

More News..