brand logo

සචින්ට නොදෙවෙනි කෝලිගෙන් තවත් වාර්තාවක්

06 March 2019

ඉන්දීය කණ්ඩායමේ සිටි ලොව සුපිරි පිතිකරුවකු වන සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තා මේ වන විට සෙමෙන් සෙමින් බිද දැමීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත් වෙමින් සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී විරාට් කෝලි විසින් සචින් ටෙන්ඩුල්කාර් විසින් තැබූ තවත් වාර්තාවක් බිද දමා තිබෙනවා. ඒ්, ජයග්‍රහණය කරන ලද එක්දින තරගවල වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තාවයි. එම වාර්තාවේ ඊයේ දිනය තෙක් ප්‍රථම ස්ථානයේ සිටි සචින් ටෙන්ඩුල්කාර් කෝලි විසින් පසුකර ගොස් තිබෙනවා. ඒ මෙසෙයි,   මේ වන විට 30 වැනි වියේ පසුවන විරාට් කෝලි ඉදිරියේදී සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් තබා තිබෙන තවත් විශිෂ්ඨතම වාර්තාවක් පසු කිරීමට නියමිතයි. ඒ එක්දින තරගවල වැඩි ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවාගේ වාර්තාවයි. ඒ අනුව ඉදිරියේදී එම වාර්තාවට ද හිමිකම් කියනු‌ ලබන්නේ විරාට් කෝලි බව නිසකයි.
 

More News..