brand logo

සචින්ගේ කඩුල්ල වාස්ට - තියුණු සටනකින් ඉන්දියාවට ජය

11 March 2020

ඉන්දිය ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට කඩුලු 5 ක පරාජයක් අත්වුණා. මුබ්බායිහිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 138 ක් රැස් කළා. ඩිල්ෂාන් සමගින් රොමේෂ් කලුවිතාරණ හොද ආරම්භයක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ට සාර්ථක වන්නට ඉන්දිය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඩිල්ෂාන් ලකුණු 23 ක් සහ කලුවිතාරණ ලකුණු 21 ක් ලබා ගත්තා. චාමාර කපුගෙදර ලකුණු 23 යි. පන්දු යැවීමේදී මුනාෆ් පටෙල් කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කා ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට චමින්ද වාස් සමත්වුණා. මෙහොමඩ් කයිෆ් ලකුණු 46 යි. ඉන්දිය ප්‍රවීණයන් ජයග්‍රහණය කරා ගෙන ගිය ඉර්ෆාන් පතාන් පන්දු 31 ක් තුල වේගවත් ලකුණු 57 ක් රැස් කළා.
 

More News..