brand logo

සචිත්‍ර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

08 February 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. සචිත්‍ර සේනානායක අවසන් වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ 2016 වසරේදීය. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ ඔ්ස්ට්‍රේලියාව සමග පැවැති පන්දුවාර 20 තරගයකට සහභාගි වෙමිනි. මේ වන විට 34වන වියෙහි පසුවන සචිත්‍ර සිය එක්දින ක්‍රිකට් දිවියේ පන්දු යැවීමේ අංශයෙන් කඩුළු 53ක් දවාගෙන ඇති අතර, පන්දුවාර විස්ස තරගවල කඩුළු 25ක් දවාගෙන තිබේ. එක්දින තරග 49ක් සහ පන්දුවාර විස්ස තරග 24කට සහභාගි වූ සචිත්‍ර එක් ටෙස්ට් තරගයකට ද සහභාගි වී තිබේ.
 

More News..