සංසාරේ දඩයක්කාරයා අද සිට රිදී තිරයේ
04 July 2019
සංසාරේ දඩයක්කාරයා අද සිට රිදී තිරයේ
04 July 2019
"පන්සල පිහිටියේ මහකැලෑව මැදි කොට ගෙන ය. එහෙයින් ගම සහ පන්සල අතර මග වැටී තිබුණේ ද මේ මහා කැලය තුලින් ය. පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත් ය. ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි.
ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේ ද මේ ඔහුය. එහෙයින් සතුන් මරා පව්කාරයා වූයේ ද මේ දඩයක්කාරයාම ය.මේ කතාව කියන්නේ වෙසක් මාසයේ ය. බණ ශ්‍රවණය කරමින් සිටි ගෝමරී නම් තරුණිය පන්සලෙන් පිටව යන විටදී කැලයේ පිරිමියෙකු හා රමණයේ යෙදේ. එහිදී ඔවුන් දෙදෙනා කැලේ සිටි කොටියාගේ ගොදුරක් බවට පත්වේ.
කැලේ සිදුවන සියලු දේ දන්නේ දඩයක්කාරයා ය. කොටියා ගෝමරී දඩයම් කල බවත්, ඌට මිනිස් ලේ රස දැනී ඇති බවත් ඔහු හාමුදුරුවන්ට පවසයි. තවත් මිනිසුන් කොටියාට ගොදුරු නොවනු පිණිස ගැමියන් වෙසක් දින රෑ පන්සලට ගෙන්වා නොගන්නා ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටී. හාමුදුරුවන් එය කර්මයට භාරකොට වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය කරගෙන යාමට තීරණය කරයි.
කිසිවෙකුගේ පරිභෝජනය වෙනුවෙන් මිස නිරපරාදේ සතෙකු නොමරන දඩයක්කාරයාට, හාමුදුරුවන් බණ කියන අතරතුර කුසගින්නට යමක් සොයා යන කොටියාව මරා දැමීමට සිදුවන්නේ ගැමියන් ආරක්ෂාකර ගැනීමටය. පසුවදා ගෝමරීගේ මිනිය බලන්නට යන හාමුදුරුවන්ට සහ දඩයක්කාරයාට දකින්නට ලැබෙන්නේ කුමක්ද?"
සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කළ සංසාරයේ දඩයක්කාරයා සිනමාපටයේ කතා සාරාංශය මෙසේය. එය ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණයකි.
සංසාරයේ දඩයක්කාරයා සිනමාපටය අද සිට තිරගත වේ.
දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල්වලදී චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදා වී ඇත.
https://youtu.be/cMasQmu5CN0