brand logo

සංස්කෘතික අරමුදලේ මුදල් සසුනට අරුණට අදින සූදානමක්

29 December 2018

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇති මුදල් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාවට නංවන ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනයට යෙදවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 27 වැනි දින විෂයභාර ඇමැති ලෙස ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යංශයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී එහි මුදල් අධ්‍යක්ෂගෙන් විමසා ඇත්තේ වාර්ෂිකව අරමුදලට කොපමණ මුදලක් ලැබෙන්නේද ඉන් කොපමණ මුදලක් වැයකරන්නේද යන්නයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නමින් ඇති ස්ථාවර තැන්පතුවේ ඇති තැන්පතුව කොපමණද යන්න ගැන ද ඇමැතිවරයා විමසා ඇත. එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී තවත් මාස දහයකින් මහ මැතිවරණයක් පැමිණෙන බව මතයේ තබා කටයුතු කරන ලෙසය. එමෙන්ම තමන් හඳුන්වා දුන් ‘සසුනට අරුණ’ වැඩසටහන හරහා කටයුතු කිරීමට හැකිවන ලෙසට ඇස්තමේන්තු සකස් කරන ලෙසටද නිලධාරීන්ට පවසා තිබේ. මධුභාෂණ හේරත්
 

More News..