brand logo

සංවිධානාත්මක අපරාධ කල්ලි 2ක සමාජිකයින් 06ක් අත්අඩංගුවට

30 November 2019

සංවිධානාත්මක අපරාධ කල්ලි 2ක සමාජිකයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, වැලි ජාවාරම් වැනි සිද්ධිවලට සම්බන්ධ අය බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් ‘අංගොඩ ලොක්කා’ සහ ‘ඌරු ජුවා’ යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කර ඇති අතර හංවැල්ල, අඹුල්ගම සහ ජල්තර ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක කළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ මහතා ඝාතනය සම්බන්ධ සැකකරුවෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.
 

More News..