brand logo

සංඥා නොතකමින් දුම්රිය හරස් මාර්ගයෙන් ගියොත් වෙන දේ

02 March 2021

දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාද නිකුත් වන අවස්ථාවක රථ වාහන ධාවනය කිරීම රුපියල් 25,000ක දඩයකට යටත් කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (01) දිනයේ දී වනවාසල දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබියදී බස් රථයක් ධාවනය කර අනතුරකට ලක්වූ බවයි. එම අනතුරින් මාර්ගය අසළ සිටි පුද්ගයින් තිදෙනෙකුට තුවාල සිදුවිය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හා බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..