brand logo

‘සංචාරක මාර්ගෝපදේශකයෝ’රු. පනස් දහසක මාසික දීමනාවක් ඉල්ලති

26 May 2020

ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සඳහා රුපියල් මිලියනයක සහන ණයක් හෝ රුපියල් 50000ක මාසික දීමනාවක් වසරක කාලයක් ලබාදෙන ලෙස සංචාරක වෘත්තිකයන්ගේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ සහන ණය මුදල සියයට හතරක සහනදායි වාර්ෂික පොලී අනුපාතයකට ලබාදිය යුතු බවයි. කොවිඩ් 19 වෛරසය පැතිරයෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ අවිනිශ්චිතතාවය සලකා බලා වෘත්තිකයන්ගේ ගැටලු විසඳා දෙන ලෙස එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි. දිවයින පුරා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සෘජු හා වක්‍ර රැකියාවල නිරත මිලියන හතරක පමණ ජනතාව මෙම තත්ත්වය යටතේ පීඩාවට පත්ව සිටිති. සංචාරක බස් රථ රියැදුරන්, ස්ථානීය මාර්ගෝපදේශකයන්, රියැදුරන්, වනෝද්‍යාන මාර්ගෝපදේශකයන්, සෆාරි බෝට්ටු හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ආපනශාලා හිමියන්, හෝටල් සේවකයන්ට සෘජුව බලපෑම් එල්ල වී තිබේ.   උදයජීව ඒකනායක
 

More News..