brand logo

සංචාරක මඟ පෙන්වන්නෙක්ට කොරෝනා

15 October 2020

නිරෝධායනය කර සිටි තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයෙකු රහසිගතව හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබේ. අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 කක පමණ පුද්ගලයෙකු වෙයි. ඔහු පසුගිය 12වනදා දින ස්වයං නොරෝධායනයට ලක්කිරීමෙන් පසු 13වනදා PCR පරීක්ෂණය සදහා අවශ්‍ය නියදිද ලබාගෙන සිටි පුද්ගලයෙකු වෙයි. උදරයේ අමාරුවක් ඇතිවී ඇති බව පවසමින් 1990 ගිලන් රථයක් මගින් 13වනදා රාත්‍රී හම්බන්තොට මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී අදාල රෝගියා 18 වැනි වාට්ටුව ඇතුලත්කර තිබේ. අදාල තැනැත්තා ඊයේ(14)දින කොවිඩ් අසදිතයෙකු බවට PCR පරීක්ෂණ මගින්ද තහවුරු වී තිබේ. ඔහු පිලිබදව සෙවීමේදී අදාල රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට තුලත්වී ඇතිබවට කරුණු අනාවරණය වී ඇත. අදාල ආසාදිතයා යාල ජාතිකවනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර තිබෙන අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් පැමිණි අය සදහා මොහු විසින් මඟ පෙන්වා තිබේ. කෙසේ නමුත් අදාල ආයතනයේ මොහු සමඟ සේවය කළසේවකයින් 61 ක් හා පිටත සේවකයින් 61 දෙනෙකු සිටින අතර යතනය ඇතුලත සේවකයින් ඒ තුලම මෙන්ම අනෙකුත් සේවකයින් ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝධායනයට ලක්කර තිබේ. හම්බන්තොට මහ රෝහලේ ඔහුට ප්‍රතිකාර කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ. අදාල කොරෝනා අසාදිත රෝගියා මේ වනවිට හම්බන්තොට පැරණි රෝහලතුල ස්ථාපිත කර තිබෙන කොරෝන රෝගී ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත්කර තිබේ.
 

More News..