brand logo

සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජයේ අවධානය

08 June 2020

කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළ විසදුම් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග අද (08) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව උඩුගම්පළ ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේ දි පැවැත්විණ. කොව්ඩ් 19 වසංගතය හේතුවෙන් රජය මගින් ලබාදෙන කල්බදු සහනය ලබා ගැනීමේ දී බස්රථ හිමියන් ලෙස තමන් මුහුණ දෙන ගැටළු සංගම් නියෝජිතයෝ මෙහි දී ඇමතිවරයා පෙන්වා දුන්හ. වසංගත තත්ත්වයන් නිසා සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම බිදි වැටීමත් සමග සිය වෘත්තිය ද බිදි වැටුණු බවත් සිය වාහනවල ලීසීං වාරික පවා ගෙවා ගැනීම දුෂ්කර වී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා කියා සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහන පැකේජයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී කීවේය.
 

More News..