brand logo

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

11 February 2020

මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර ඊයේ (10) පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණ. ජර්මනිය මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රයන්ට වැඩි දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා එරට සංචාරක නියෝජිත ආයතන හා ආයෝජකයන් සහ මෙරට බලධාරීන් අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹීමට සුදානම් බවත් ජර්මානු තානාපතිවරයා මෙහි දී කියා සිටියේ ය. ජර්මානු සංචාරකයන් මෙරට සුන්දර වෙරළ ආශ්‍රිත සංචාරයට මෙන්ම මෙරට සංස්කෘතික හා පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීමට ද වැඩි කැමැත්තක් දක්වයි. එමෙන් ම එරට ආයෝජකයන් ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින බව ද ජර්මානු තාතාපතිවරයා කීවේය. සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් මුහුණ දෙන ගැටළු කීපයක් ද ජර්මානු තානාපතිවරයා මෙහි දී විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානයට ලක් කළේය.  
 

More News..