brand logo

සංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් සමග ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට

09 February 2020

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය,පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04 සමග සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ. මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ සංචාරක කර්මාන්තයේ මතු ව ඇති තත්ත්වය හමුවේ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු ටික කාලයකට ප්‍රමාද විය හැකි බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලෝකයේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වු වහාම මෙම ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද සදහන් කරයි.
 

More News..