brand logo

සංචාරක කුරුල්ලන්ට හබරාදුව ආසනයේ කූඩු හදන්න ජනතාව ඉඩදෙන්නේ නෑ - තාරක නානායක්කාර

16 January 2019

කවුරු මොනවා කීවත් සංචාරක කුරුල්ලන්ට හබරාදුව ආසනයේ කූඩු හදන්න පාක්ෂික ජනතාව ඉඩදෙන්නේ නෑ. හබරාදුව මැතිවරණ කොට්ඨාසයට පැරෂුට් කාරයන් ඇවිත් ජනතාවගේ ජන්දය මනාපය ලබාගෙන ජනතාව රවටා තිබිම නිසා හබරාදුව ජනතාව සංචාරක කුරුල්ලන්ට කිසිවිටකත් හබරාදුව ආසනයේ තනන්නට අවස්ථාවක් ජනතාව ලබානොදෙන බව හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ හබරාදුව,අහංගම,දික්කුඹුර,මා වැල්ල ආදි ප්‍රදේශ රැසක පැවැති මහජන හමුවලදීය. හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නීතීඥ ශාස්ත්‍රාචාර්ය තාරක නානායක්කාර මහතා මෙසේද කීය. පසුගිය කාලයේ අපි ආණ්ඩුවේ සිටියට ආන්ඩුව අපට නෑ වගේ තමයි තිබුනේ එළ හරකා මී හරකා වාගේ එක ගැලක බැඳලා ගෙනි යන්න බෑ වාගේ තමයි තුබුනේ. ඒ නිසා පාක්ෂිකයන්ට යමක් කරගන්න අපට තරමක් අපහසු උනා සංවර්ධනය නම් අපි කලා. නමුත් අපට මාධ්‍යයක් නෑ. ඒ නිසා ප්‍රචාර නම් එජාප බිංදුවේ තිබුනේ. නමුත්, ජනතාව දන්නවා අන බෙර ගැහැව්වේ නැති උනාට බල්ටි විසිල් නැති උනාට අපි සංවර්ධනයක් කළා. දැන් ඔන්න අපේ ආණ්ඩුවක් තියෙන්නේ. සංවර්ධනයේ දෙවැනි හැරවුම් ලක්ෂය හරහා අපේම කියා අපටම ක්‍රියා ඇති එජාප ආණ්ඩුවේ අපිට ගමට වැඩ කරන්න හැකියි. මුදල් ලැබෙනවා. පාක්ෂිකයාට වෙනදාට වඩා සලකන්න හැකියි. සංවර්ධනයට මුදල් වැඩිපුර ප්‍රමාණයක් ලබාදෙනවා. ඒ විතරක් නොවෙයි. රස්සා විශාල ප්‍රමාණයක්ද ආසන මට්ටමින් ඉදිරියේ දී පාක්ෂිකයන්ට ජනතාවට අපේ ආසනවලට බෙදනවා. අගමැති තුමාත් රටම සංවර්ධන වැඩ පොලක් දක්වා රැගෙන යන්නට මුදල් ගම්පෙරළිය මගින් ලබා දෙනවා. පොහොට්ටුවෙන් නොවෙයි මැල් කැරැල්ල කෝට්ටෙන් නැති නම් මල් වට්ටියෙන් , වී කුරුණියෙන් තියා අමුඩයෙන් ලකුනෙන් ඉල්ලුවත් රාජපක්ෂ යුගයක් යළිත් ලංකාවේ එන්නේ නෑ. පවුල් වාදය පවුල වවුල් බකල්, පාලනයට අපි තිත තියනවා. අපි ලංකාවේ තනි පක්ෂයක් වශයෙන් ලංකාවේම විශාලතම පක්ෂයක් වශයෙන් ඉදිරි ඕනෑම මැතිවරණයක් දිනනවා. රට බෙදන්නේ නැතිව බුද්ධාගමට නියම තැන දෙන රටම ලොවම පිළිගන්නා වු ව්‍යවස්ථාවක්ද හදුනා දී රටම එක් සේසත් කරනට එජාප යට හැකි බව ඒ මහතා කීය. සුනෙත් ගාල්ලගේ
 

More News..