brand logo

සංචාරක ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට කඩිනම් පියවර

12 June 2020

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ   බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන්  සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය යළි  යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදීය. එහිදී සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද   රජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර සංචාරක වීසා ගාස්තුව, දේශීය  සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, විදේශීය සංචාරකයින් සඳහා රට  විවෘත කිරීමේ දී අනුගගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්තය  ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා විය. සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවෙහි රඳවා ගන්නා ලෙස ද එහිදී   අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. තවද, කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් පසු යළිත් සංචාරක ව්‍යාපාරය යථා  තත්ත්වයට ගෙනඒම සඳහා වනෝද්‍යාන විවෘත කිරීමේ දී විධිමත් ක්‍රමවේදයකට   අනුව කළ යුතු බවත් පාරිසරික උවදුරු අවම කරගනිමින් හා සත්ව හිංසනය  නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත්  උපදෙස් ලබාදුන්නේය.  
 

More News..