brand logo

සංචාරකයින් නොමැතිවීමෙන් සතුන් බඩගින්නේ

10 July 2019

දෙහිවල් සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන වලට සංචාරකයින්ගෙග් පැමිණීම සියයට 95කින් පමණ පහත වටීඹ හේතුවෙන් එහි සතුන්ට ආහාර ලබාදීඹ සදහා මුදල සොයා ගැනීම ගැටළුවක් වී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල, පින්නවල, ගෝනපොල, හම්බන්තොට සහ වාගොල්ල යන සත්වෝද්‍යාන වල ආදායම් මෙලෙස පහත වැටී ඇත්තේ ඉකුත් අප්‍රේල් මස බෝම්බ ප්‍රහාර වලින් පසුවය. සතුන්ගේ ආහාර සදහා පමණක් දිනකට රුපියල් ලක්ෂ හයක මුදලක් වැය වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබදව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මල්සිංහ මහත්මියනේ කළ විමසීමකදී කියා සිටියේ ප්‍රමාණවත් පරිදි ආදායම් නොතිබීම නිසා සත්ව ආහාර සදහා මුදල් මහා භාණ්ඩාගාරය හරහා ලබා ගැනීමට සිදුවී ඇති බවය. සාලිය කුමාර ගුණසේකර
 

More News..