brand logo

සංචාරකයන්ට සැලකූ හැටි ගැන යුරෝපා සංගමයෙන් ලංකාවට පැසසුම්

09 April 2020

යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත. එම සංගමයට අයත් රටවල තානාපතිවරු ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (08 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවත්වූහ. එහිදී ලක් රජය වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගද යුරෝපා සංගමය ඇගයීමට ලක්කර තිබේ.    
 

More News..