brand logo

සංචාරකයන්ට මොබයිල් ඇප් එකක්

14 January 2021

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. වීසා බලපත්‍ර ලබාගැනීමේදී මෙම යෙදුම හරහා රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සංචාරකයන්ට අනිවාර්ය කිරීමට අධිකාරිය තීරණය කර ඇත. ජනවාරි මස අවසානය වන විට දියත් කිරීමට නියමිත ''Sri Lanka Tourism" නමින් හැඳින්වෙන මෙම යෙදුමට රක්ෂණ යෝජනා ක්‍රමයට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ. මේ අතර එළැඹෙන ජනවාරි 21 වැනිදා සංචාරකයන් පැමිණීම ඇතුළුව වාණිජ ගුවන් ගමන් වෙනුවෙන් ගුවන් තොටුපොළ විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ප්‍රකාශ කළේය. නයන තරංග ගමගේ
 

More News..