brand logo

සංචරණ සීමා ලිහිල් වෙයි

25 June 2021

දිවයින පුරා ආවරණය වන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් විය. කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකය. සංචරණ සීමා ඉවත් කිරීම සිදුකළ ද බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. කොවිඩ් පාලනය සඳහා දිවයින පුරා මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබු අතර එම සීමා පසුගිය 21 වන දින අලුයම 4.00ට ඉවත් විය. කෙසේවෙතත් යළි පෙරේදා (23) රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද (25) අලුයම 4.00ට ඉවත් කරනු ලැබීය.
 

More News..