brand logo

සංචරණ සීමා ලිහිල් වූ කාලයේ ජනතා හැසිරීම හොඳ මදි

25 May 2021

දැඩි සංචරණ සීමා පැනවීම සිදුවන්නේ කොරෝනා වසංගත තත්ත්වය පාලනයට බවත් ඒ සඳහා ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන්නේ සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වූ ආකාරය නිරීක්ෂණය වූ බවයි. මේ තත්ත්වය යහපත් නොවන බවත් වෛරසය ව්‍යාවප්තවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. මේ අතර උදෑසන 04.00 සිට ලිහිල් කෙරුණු සංචරණ සීමා නැවත අද (25) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ක්‍රියාත්මකය. එය එළඹෙන 7 වනදා දක්වා ක්‍රියාත්මකය.
 

More News..