brand logo

සංචරණ සීමා නොතකා කොට්ටාවේ පන්සලකට 500ක් දෙනා රැස් කරලා

03 June 2021

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ නිරෝධායන නීති ද නොතකා කොට්ටාව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද (03) කොට්ටාව පුණ්‍යාභිවර්ධනාරාමයට රැස්ව ඇත. මොවුන් මෙලෙස රැස්ව ඇත්තේ රජය විසින් ලබා දීමට නියමිත රු. 5000 දීමනාව ලබා ගැනීමට ඉල්ලුම්පත් පිරවීමටයි. කොට්ටාවේ මහජන ආරක්ෂක කමිටුව නමින් නිකුත් කළ වට්ස්අප් පණිවිඩයක් හරහා ජනතාවට දැනුම් දී ඇත්තේ මේ මස 03, 04,05 තෙදින තුළ අදාල අයැදුම්පත් කොට්ටාව පුන්‍යාභිවර්ධනාරාම විහාරාධිපති හිමිගෙන් ලබාගෙන එදිනම පුරවා භාර දෙන ලෙසයි.

වට්ස්ඇප් පනිවිඩය

‘‘මහජන ආරක්ශක කමිටුව නියෝජනය කරන සියලුම ස්වේච්ඡා සංවිධාන නිලධාරි වෙත....කොවිඩ් 19 පාලනයට සංචරණ සීමා පනවා ඇති හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අය වෙනුවෙන් රජය දීමනාවක් ගෙවීමට මූලික සැලසුම් ඇත...කොවිඩ් 19 සංචරන සීමා වෙනුවෙන් ආදායම් අහිමි වූ අය 03- 04-05 තෙදින අයදුම්පත කොට්ටාව පුන්‍යාභිවර්ධනාරාම විහාරාධිපතිහිමිපාණන් වහන්සේට පුරවා භාර දෙන ලෙස ඔබ ප්‍රදේශයේ අය දැනුවත් කරන්න..‘‘
[caption id="attachment_148834" align="alignnone" width="540"] පිරවීමට ලබා දුන් පෝරමය[/caption] සංචරණ සීමා පනවා ඇති මේ මොහොතේ මෙපරිද්දෙන් ජනතාව එක් රැස්කොට අනතුරේ හෙලුවේ ඇයිදැයි විමසීමට අප මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එවිට ඇය ප්‍රකාශ කර සිටියේ කිසිදු අයුරකින් මෙවැනි දෙයක් කිරීමට උපදෙස් නොදුන් බවත් එවැනි දෙයක් කිරීමට අවශ්‍යතාවක් ද නැති බවයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් දුන් උපදෙස් පිළිනොගෙන ග්‍රාමනිලධාරීවරිය විසින් මෙය සිදු කරන බව පැවසූ ප්‍රාදේශීය ලේකම්වරිය මෙය වහා නතර කරන ලෙස ග්‍රාමනිලධාරිණියට උපදෙස් දුන් බවත් කීය.

‘‘සම්පූර්ණයෙන් අනවශ්‍ය වැඩක්.දැන් අනිත් ග්‍රාමනිලධාරී කොට්ඨාසවල මෙහෙම වෙන්නේ නෑනේ.‘‘ 

    කලින් සහනාධාරය ලබා දුන් ලේකනයක් තිිබියදීත් ප්‍රාදේශිය ලේකම් විසින් සිදු කළ යුතු කාර්ය භාරය පිළිබඳ පැහැදිලිව උපදෙස් ලබා දි තිබියදිත් ඒ උපදෙස්වලට පිටින් ගොස් ජනතාව රැස්කර අනතුරු දායක ලෙස ක්‍රියා කරන්නේ මන්දැයි අප කොට්ටාව වසමේ ග්‍රාමනිලධාරි තිසාරා චතුරානී මහත්මියගෙන් දුරකතය ඔසසේ විමසා සිටියා. එවිට ඇය කියා සිටියේ පොරම පිරවීමට තීරණය කළේ ග්‍රාමීය කමිටුව බවයි. රජයේ මුදල් අවභාවිතා කිරීම වැලක්වීම සඳහා එවැනි තීරණයක් ගත් බවත් ප්‍රාදේශීය ලේකම් ලග ඇති ලැයිස්තුව මත ක්‍රියා කළහොත් රජයේ මුදල් අවභාවිත වන බවත් ඇය කියා සිටියාය.

‘‘2020 අප්‍රේල් හදපු ලැයිස්තුව 2021මැයි මාසේ මුදල් ගෙවිමට යොදා ගැනීම වැරදියි‘‘

නිරෝධායන නීති පනවා ඇති මේ අවස්තාවේදී විහාරස්ථානයට ජනතාව එක් රැස් වීම පිළිබඳ විමසීමට අප කොට්ටාව පුණ්‍යාභිවර්ධනාරාමයේ විහාරාධිපති වේරදූවේ සිරිජෝති හිමියන් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත්තා . එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ බලපෑම මත 400ක් 500ක් ප්‍රමාණයක් විහාරස්තානයට රැස්ව සිටි බවත් පසුව ඒ පිරිස විසුරුවා හැරි බවත්ය.

‘‘මම ඒ වැඩේ නතර කළා‘‘

   
 

More News..