සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි
24 May 2021
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි
24 May 2021
දැනට දිවයින පුරා පනවා ඇති සංචරන සීමා ජූනි මස 7 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
මින් පෙර මැයි 31 වැනිදා දක්වා සංචරන සීමා පනවා තිබුනු අතර අද (24) උදැසන රැස්වූ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ තීරණයට එළඹ රජයට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් කලින් තීරණය කර තිබුනු පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම පිනිස හෙට (25) ජනතාවට අවස්ථාව සලසා ඇත.
තමන්ගේ පදිංචියට ආසනනම වෙළෙදපොලට ගොස් ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත හැක.
සංචරණ සීමා පවතින කාල සීමාව තුළ හෙට (25) මෙන්ම මැයි 31 හා ජූනි 4 වැනිදාත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට නියමිතයි.
මේ පිලිබද අවසන් තීන්දුව ගැනීමට අද (24) දහවල් විශේෂඣ කමිටුව රැස්වීමට නියමිතයි.

