brand logo

සංචරණ සීමා කාලයේ ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

15 May 2021

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධන බළකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කර තිබේ. ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය පවසයි. මේ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය. එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

අදාළ මධ්‍යස්ථාන වල දුරකථන අංක පහතින්...

 

More News..