brand logo

සංචරණ සීමා කාලයේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය

21 May 2021

අද (21) රාත්‍රී 11.00න් පසු සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තිබෙන අතර අවශ්‍යතාව අනුව ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය. බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමිවේ. මේ අතර 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව ඇත. එසේම එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. තවද ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 

More News..