brand logo

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපෑලෙන් රුපියල් කෝටි 32ක්

23 June 2021

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග තැපැල් කාර්යාලවලට පැමිණි පාරිභොගිකයන්ගෙන් ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 32ක මුදලක් ඊයේ (22) උපයා ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසීය. එම මුදලින් රුපියල් ​කෝටි විසි දෙකක්ම විදුලි බිල්පත් ගෙවීම නිසා උපයාගෙන ඇත. පෙරේදා (21) දිනයේදීත් තැපැල් දෙපාර්තමේන්තුව උපයා ගත් රුපියල් කෝටි 22කට වැඩි ආදායමෙන් රුපියල් කෝටි 15ක්ම විදුලි බිල් මගින් ලැබී ඇතැයිද හෙතෙම කීය. තැපැල් ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ දින දෙක වශයෙන් ඊයේ සහ පෙරේදා සඳහන් වූ බවත් සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව දෛනිකව උපයන මුදල රුපියල් කෝටික 14ත් 15ත් අතර වන බව තැපැල්පතිවරයා පැවසීය. චාමර පල්ලේගෙදර
 

More News..