brand logo

සංචරණ කාලසීමා පිළිබදව පොලීසියෙන් පැහැදිලි කිරීමක්

13 May 2021

අද (13) රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා වු සංචරණ සීමා ක්‍රියාත්මක දින තුන තුළ දී සියලුම වෙළඳසැල් වසා දැමිය යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් සිදුකරමින් කියා සිටියේ එම කාලසීමාව තුළ යම් අයෙකුට ඖෂධ ලබා අවශ්‍ය විය හැකි බැවින් ඖෂධ අලෙවි සැල් වලට යාමට පමණක් අවසර හිමිවන බවයි. ඖෂධ හල්වලට යන අවස්ථාවන් වලදී බෙහෙත් වට්ටෝරුව ඇතුළත් ලියවිල්ල ළග තබා ගැනීම ඉතාමත් වැදගත් වනු ඇති. එමෙන්ම සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ යම් අයෙකු රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් මතු වුවහොත් ළගම ඇති රෝහල කරා යාමට අවසර හිමිවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර ඖෂධ හල්වලට ඖෂධ වර්ග නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..