brand logo

සංඝයා වහන්සේලාගේ ඥාතීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක්

08 January 2021

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම සිදුකර තිබේ. අද (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එම උත්සවය පවත්වා ඇත. නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සහ මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්විම මේ අනුව සිදුවී තිබේ. මේ අනුව සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25,000 ක උපරිමයක් දක්වා ගෙවීම රක්ෂණ ක්‍රමයට ඇතුලත් වීම තුලින් හිමිවේ. මේ සඳහා රුපියල් 2000ක මුදලක් පමණක් වාර්ෂිකව ගෙවිය යුතුවනවා.
 

More News..