brand logo

සංගා මුරලි රංගන ඉන්න කොටත් දිනන්න බැරි වුණා

12 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භවීමට නියමිතව තිබෙනවා. එම තරගාවලිය සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබදව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා. එහිදී ඔහුගෙන් අසන ලද ප්‍රශ්න සහ ඊට හතුරුසිංහ මහතා ලබාදුන් පිළිතුරු පහතින් බලන්න... පසුගිය ඔක්තෝබරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු තරඟයක් මේ වන තෙක් ජයග්‍රහණය කර නැහැ. කොහොමද එය ඔබලාගේ විවේකාගාරයට දැනෙන්නේ ? එය සෑම කෙනෙකුටම දැඩි ලෙස පීඩනයක් වෙලා තියෙන්නේ. අපි ටිකක විතර අවාසනාවන්තයි. එංගලන්ත තරගාවලියේදීත් එහෙමයි. අපි අඩුම තරමින් ටෙස්ට් තරග දෙකක්වත් දිනා ගන්න තිබුණා. අප බලාපොරොත්තු නොවූ නොසිතූ දේවල් බොහෝමයක් සිදුවුණා. අපි දන්නවා රංගන හේරත්න විශ්‍රාම ගියා. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිතයි කියලා කිව්වා. ගොඩක් දේවල් හෙමින් හෙමින් අපෙන් ගිලිහිලා ගියා. අපි හැමෝටම ඒකේ වගකීම ගන්න වෙනවා. අපි හරියට පන්දු රැක්කේ නැහැ. කිසිදු අමාරුවක් නැති උඩපන්දු පවා ගිලිහී ගියා. මම හිතනවා නවසීලන්ත තරඟාවලියේ පළමු තරගයේදී අපි හොදින් ක්‍රීඩා කළා කියලා. දෙවැනි තරඟයේදී හොදට පන්දු යැව්වා. ඒත් ට්‍රෙන්ට් බෝල්ට් තරඟය අතට ගත්තා. අපි ඕස්ට්‍රේලියා ගියා, රෝස පන්දුව ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. කැන්බරා වලදී ක්‍රීඩකයින් ආබාධ වලට ලක්වුණා. ඒ නිසා කණ්ඩායම දුර්වල වුණා. ඇත්තටම කණගාටුයි. ඔබ මේ අභියෝගය භාරගෙන දැන් මාස 13ක් වනවා. ඔබ බලාපොරොත්තු වුනදේ ටිකක් හරි කණ්ඩායම්ක් විදිහට ලැබිලා තියෙනවා ද ? ඇත්තටම, හොද වර්ධනයක් තිබුණා 2017 සිට 2018 දක්වා. ඔබ බැලුවොත් 18%කට තිබුණු වර්ධනය 20%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම තරඟයක්ම දිනන්න ඕනේ කියලා. ඒත් මම අඩුම ගානේ බලාපොරොත්තු වෙනවා අපේ රටේදී ක්‍රීඩා කරන තරග ටෙස්ට් තරග හරි දිනන්න ඔ්නේ කියලා. හැම එක්දින තරඟයකදීම අපි සැළසුම් කරන්නේ ලෝක කුසාලනයයි. ජයග්‍රහණය එක් පැතිකඩක් විතරයි. ඒත් ඒක නෙමෙයි ප්‍රධානම දේ. මට අවශ්‍ය වුනේ ක්‍රීඩකයෙක්ව අඩුම ගානේ තරග 15ත් 18ත් අතර ප්‍රමාණයක් එකදිගට ක්‍රීඩා කරවන්නයි. මේ අසාර්ථකත්වයට හේතුව මොකක්ද ? අපේ ක්‍රීඩා විලාසය දුර්වල වුණා. විරුද්ධ කණ්ඩායම් වල තත්ත්වය හොද වුණා. ඉතිං ඔවුන්ට ජයග්‍රහණ පහසු වුණා. රෝස පන්දුවෙන් ගැබාහි ක්‍රීඩා කිරීම පහසු නැහැ. ඔබ බැලුවොතින් ලෝකේ රෝස පන්දුවෙන් ක්‍රීඩාකරන ටෙස්ට් තරඟ දින තුනකින් අවසන් වනවා. කවුරු හරි ඕස්ට්‍රේලියානුවන් සමග පැවැති තරගය දිනන්න ඕනි කියලා බලාපොරොත්තු වෙනවා නම්, ඒක ඇත්තටම යතාර්ථවාදී නැහැ. ඒකට හේතුව අපි සතුව හොද දක්ෂ ක්‍රීඩකයින් වන සංගා, මුරලි සහ රංගන ක්‍රීඩා කරන විටත් ඒක කරන්න බැරි වුණා. ඉතිං මේ සියලූ දුර්වලතාත් සමග අපට ජයග්‍රහණ අපේක්ෂා කිරීම අඥාන දෙයක්. කණ්ඩායම යථාතත්ත්වයට ගන්න කුමක්ද ඔබ කරන්න යන්නේ ? මම උත්සාහ කරන්නේ ඔවුන් තුළ විශ්වාසයයි. මග පෙන්වීමක් කරන්න. ඒ වගේ කණ්ඩායමේ ක්‍රීඩා සැළසුම් යථාර්තයක් කරගන්න. දකුණු අප්‍රිකානු තරගාවලියේදී ඔබේ කණ්ඩායමේ වැඩිපුර ඉන්නේ තරුණ ක්‍රීඩකයින්. මෙම තරඟාවලිය ඇත්තටම රඳාපවතින්නේ කාමතද ? අපිත් එක්ක ඉන්න හැම ක්‍රීඩකයෙක් අතරම මෙය රඳාපවතිනවා. දිමුත් නායකත්වය දරනවා. ඉතිං පෙරමුණේ ඉදන් ඔහු කටයුතු කරනවා. ඒ් වගේම ඔහු හොද පිතිකරුවෙක්. කුසල් මෙන්ඩිස්ත් එසෙමයි. මෙන්ඩිස් වගේම දික්වැල්ලත් හොද තත්ත්වයක දැන් ඉන්නවා. ලහිරු තිරිමාන්න නැවත කණ්ඩායමට ඇවිත් තියෙනවා. ඇත්තටම ඔහුට හුගක් අත්දැකීම් තියෙනවා. මම හිතනවා අත්දැකීම් පරිපූර්ණ අය ඉන්න නිසා මේ තරගාවලිය හොද එකක් වේවි කියා.
 

More News..