brand logo

සංගා පැය 9ක ප්‍රකාශයක් ලබාදෙයි

02 July 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. අද (02) උදෑසන 9 .15ට පමණ එම ඒකකයට පැමිණි සංගක්කාර මහතා අද පස්වරු 6.30ට පමණ ඉන් පිටව ගිය බව අප වාර්තාකරුවන් සදහන් කළේය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට සංගක්කාර මහතා අද මෙලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියහ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීමට ඊයේ (01) දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංග සහ ඊට පෙර එනම් පසුගිය 30 වැනි දින අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ ලබාදුන්නේය.
 

More News..