brand logo

සංගාගේ වාර්තාව බිඳදැමීමේ කෝලිගේ උත්සාහය ව්‍යර්ථවෙයි

29 December 2018

එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරයි. 2014 වර්ෂයේදී සංගක්කාර විසින් ලකුණු 2868ක් රැස්කර ගනිමින් එම වාර්තාවට හිමි කියනු ලැබුවේ. සංගාගේ එම වාර්තාව බිද දැමීමට මෙම වසරේදී ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ආසන්නයට පැමිණයත් කොලිට එම වාර්තාව බිද දැමීමට හැකි වූයේ නැහැ. ඊට හේතුව වන්නේ කෝලි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 0කට දැවී යාමයි. පළමු ඉනිමේදී කෝලි විසින් ලකුණු 82ක් රැස්කර ගනු ලැබුවා. ඒ අනුව මේ වන විට 2018 වසරේදී ලකුණු 2735 රැස්කර ගෙන තිබෙනවා. 2017 වසරේදී කෝලි විසින් ලකුණු 2818ක් රැස්කර ගෙන තිබුණා.
 

More News..