brand logo

ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදෙයි

08 January 2021

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශෙහාන් ජයසූරිය එක්දින සහ පන්දුවාර ක්‍රිකට් තරගවලින් ඉවත් වූ බවට දැනුම් දුන් බවයි. ඒ අනුව තවදුරටත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය හෝ ජාත්‍යන්තර තරගාවලි වලට සහභාගි නොවනු ඇති. සිය පවුලේ උදවිය සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිවීම සදහා තමන් මෙම තීරණය ගත් බව පෞද්ගලික හේතු කාරණා වශයෙන් ඔහු දන්වා ඇත.
 

More News..