brand logo

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් මුදා හැරේ

06 May 2019

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ අත්අඩංගුවට පත් සේවකයින් මුදා හැර ඇත. පසුගියදා අත්අඩංගුවට පත් එම සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද දින නියෝග කර ඇත. ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත විදේශ ගමන් තහනම් කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
 

More News..