brand logo

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්

28 February 2020

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ පියා ඇතුළු 6දෙනා ලබන මස 13 වනදා දක්වා යළිත් රිමාන්ඩ් බාරයට ගන්න ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද(28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ. සැකකරුවන් සම්බන්ධව තවමත් පරීක්ෂණ සිදු කරන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිරි අවස්ථාවේ එය පිළිගත් මහේස්ත්‍රාත්තුමිය මෙලෙස ලබන 13 වාදා දක්වා රිමාන්ඩ් බාරයට ගන්න ලෙස නියම කොට ඇත.
 

More News..