brand logo

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

31 January 2020

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනකු ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. එබැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේය. මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැදවුම් නියෝග නිකුත් කර තිබුණේය.
 

More News..