brand logo

ෂාෆිගේ නඩුව ජනවාරි 16 වනදා යලි කැඳවයි

12 December 2019

කුරුණැගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි සියාබ්දීන් වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බව අධිකරණයට දැනුම් දී ඇත. එම නඩුව අද කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දී ඇති අතර පොලිස් අධිකාරිවරයෙකු යටතේ අදාල විමර්ශන සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. සිද්ධියට අදාලව යලි සාක්ෂි සටහන් කර ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති අතර එම නඩුව යළි ලබන ජනවාරි මස 16 වනදා කැඳවීමට නියමිතව ඇත.
 

More News..