brand logo

ශ‍්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත්වේ

27 August 2018

කාන්තා කණ්ඩායමට අනුශූරතාව

දකුණු කොරියාවේ පැවැති පස්වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පිරිමි අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම වට 2-1 කින් පරාජය කරමින් මෙම ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා පිල විසින් දිනා ගන්නා ලදී. චමිල් කුරේගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිලට නිෂාන්ත ප‍්‍රනාන්දු, මොහොමඞ් ශෂීඞ් සහ උදේෂ් ශෂික අය ක‍්‍රීඩකයෝ අයත් වූහ. ඉන්දීය කණ්ඩායම හමුවේ අවසන් තරගයේදී තරග වට 3-0 කින් පරාජය වූ ශ‍්‍රී ලංකා කාන්තා පිලට එහිදී කාන්තා අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. අදාළ කාන්තා පිල සඳහා යෂිකා රාහුබද්ධ, ජෝසප් රොෂීටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ඇතුළත් විය. ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන කැරම් ශූරතාවලියේ කේවල සහ යුගල තරග ඉසව් මේ දිනවල පැවැත්වෙන අතර යුගල ඉසව්වේ ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ එක් කණ්ඩායමක චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දුත්, අනිත් කණ්ඩායමේ මොහොමඞ් ශහීඞ් සහ උදේශ් ශෂික ක‍්‍රීඩා කරනු ලබයි. ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම යුගල අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට අවස්ථාවක් නොවීය.
 

More News..