brand logo

ශ‍්‍රී ලංකා ධජය සුසන්තිකාගෙන් දිනූෂාට

18 August 2018

මෙවර 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව දිනූෂා ගෝමස්ට හිමිව තිබේ. ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගෙන් පසුව ආසියානු ක‍්‍රීඩා උළෙලකදී ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව හිමිව ඇති ක‍්‍රීඩිකාව ඇයයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (18දා) ප.ව. 5.30 ට පමණ ඉන්දුනීසියාවේ ජෙලොරා බන්කර්නෝ ක‍්‍රීඩාංගණයේදී ආරම්භවන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේදී ඇය විසින් ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වන දිනුෂා පසුගිය අපේ‍්‍රල් මාසයේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියේ තරග වඳිමින් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්නාය.
 

More News..