brand logo

ශ‍්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ අපරාජිත ගමනට තවත් ජයක් එක්කරති

06 September 2018

අපරාජිත ගමනට තවත් ජයග‍්‍රහණයක් එක් කරගත් ශ‍්‍රී ලංකා දැල් පන්දු පිල 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර හොං කොං සමග පැවැති තරගයෙන් ලකුණු 71-48 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. සුපිරි කණ්ඩායම් හතර අතර පැවැති තරගයන් තුනම ජය ගනිමින් එම කණ්ඩායම් අතර ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකා පිල පෙරමුණේ පසුවේ. ඒ අනුව ශ‍්‍රී ලංකා පිල සහභාගී වන අවසන් පූර්ව තරගය සුපිරි හතර වටයේ සිව්වැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් අනිද්දා ප.ව. 12.30ට පැවැත්වේ. එහිදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථිවාදීන් බවට පත්වන කණ්ඩායම කවුරුන්ද යන වග අද මලයාසියාව සහ සත්කාරක සිංගපූරුව අතර පැවැත්වෙන තරගයේ තීරණය මත රඳා පවතී. හෙට (7දා) තරගාවලියේ විවේක දිනය ලෙස සංවිධායකයෝ නම්කර තිබේ.
 

More News..