brand logo

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ නව සටහනක් තබා මැතිව් 6 වැනි තැනට පත්වේ

23 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට එහිදී හය වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අසියානු ක‍්‍රීඩා උළෙලකදී පිහිනුම් ඉසව්වක් නියෝජනය කරමින් අවසන් තරගයක් සඳහා අවස්ථාව ලබාගත් පළමු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහ වන අතර ඔහුගේ තරග නිමි කාලය තත්. 49.28 ක් ලෙසින් දැක්විණි. මැතිව් මූලික වටයේ පැවැති තරගයේදී තත්. 49.48 ක කාලයකින් තරගය නිමාකර මෙම අවසන් තරග වරම් හිමිකර ගත්තේය. අවසන් තරගයේ රන් සහ රිදී පදක්කම් දෙකම ජපානයට (රන්- තත්. 48.71, රිදී- තත්. 48.72) හිමි වූ අතර ලෝකඩ පදක්කම චීනය (තත්. 48.88) නියෝජනය කරමින් සහභාගී වූ ක‍්‍රීඩකයෙක්ට හිමි විය.
 

More News..