brand logo

ශ‍්‍රී ලංකාව සිය අපරාජිත බව රැකගනිමින් අපරාජිතව සිටි මැලේසියාවට පහරදෙයි

05 September 2018

සිය අපරාජිත බව රැකගනිමින් ඉකුත් ශූර මැලේසියාවේ අපරාජිත බවට පහරදුන් ශ‍්‍රී ලංකාව 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් හතර යටතේ දෙරට අතර පැවැති තරගයෙන් ලකුණු 62-59 කින් ජය වාර්තා කිරීමට සමත් විය. තරගාවලියට සහභාගී වී සිටින ප‍්‍රබලතම කණ්ඩායමක් වන ශ‍්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර යටතේ සහභාගී වූ පළමු තරගයේදී සත්කාරක සිංගපූරුව හමුවේ ලකුණු 74-61 ක ජයක් ලැබීය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සහභාගී වන සුපිරි කණ්ඩායම් අතර අවසන් තරගය හොං කොං සමගින් හෙට ප.ව. 2.30 ට පැවැත්වේ. කණ්ඩායම් 12 ක් තරග වඳින මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි ශ‍්‍රී ලංකාව එම කාණ්ඩයේ අපරාජිතව මුල් තැන හිමිකර ගනිමින් ‘ඊ’ කොටස හෙවත් සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසියේය.
 

More News..