brand logo

ශ‍්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ඈතින් ඈතට

28 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ ඉඳුනිල් හේරත්ට මීටර් 800 අවසන් තරගයේදී හිමි වූයේ 8 වැනි ස්ථානයයි. ඉඳුනිල්ගේ තරග නිමි කාලය විනාඩි 1.51.36 ක් වශයෙන් දැක්වුණ අතර හෙතෙම අවසන් පූර්ව වටයේදී එම ඉසව්ව විනාඩි 1.47.54 කාලයකින් අවසන් කර තිබිණි. මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සහභාගී වූ ගයන්තිකා අබේරත්නට 6 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. විනාඩි 2.05.50 ක් ලෙස ඇගේ තරග නිමි කාලය දැක්විණි. මීට අමතරව මීටර් 200 අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වූ රුමේෂිකා රත්නායකට අවසන් තරග වරම් දිනා ගැනීමට අවස්ථාවක් නොවීය.
 

More News..