brand logo

ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් දෙමින් රග්බි පිල චීනය පරදවයි

31 August 2018

18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබමින් ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් එක් කිරීමට රග්බි ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව අදාළ අවසන් පූර්ව වටයේදී ප‍්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිල හෙට ප.ව. 1.26 ට තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී චීන කණ්ඩායම ලකුණු 17-12 කින් පරාජය කරමින් ශ‍්‍රී ලංකාව මෙම අවස්ථාව හිමිකර ගන්නා ලදී. ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා පිල ඉදිරියේ උත්සාහක දිනුම් තුනක් සහ ගෝල ප‍්‍රවර්තනයක් සාර්ථක කර ගැනීම් වාර්තා වන අතරවාරයේදී චීනය ඉදිරියේ උත්සාහක දිනුම් දෙකක් සහ ගෝල ප‍්‍රවර්තනයක් පමණක් සටහන් වී තිබිණි. අදාළ ජයග‍්‍රාහී උත්සාහක දිනුම් සුදම් පාරින්ද, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සහ රීසා රෆයිඞීන්ගේ නම් ඉදිරියේ සටහන් විය. තරගයේ පළමු භාගයේදී ලකුණු 17-5 ක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඉදිරියෙන් සිටියහ.
 

More News..