brand logo

ශ‍්‍රී ලංකාවට ජය

10 October 2019

පාකිස්තාන කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයත් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඒ ඊයේ පැවැති තරග ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 13කින් ජයගැනීමත් සමගය. ඒ අනුව තරග 3ට 0 ක් ලෙස විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. ඊයේ පැවැති අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 147ක් රුස්කර ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ඔසද ප‍්‍රනාන්දු පන්දු 48කට මුහුණදෙමින් ලකුණු 78ක් ලබාගැනීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක්ද ඇතුළත් වේ. පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් අමීර් කඩුළු 3ක් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුළු 6ක් දැවී රුස්කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණීයි. පාකිස්ථාන පිල වෙනුවෙන් හාරිස් ෂොහෙල් ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව ලහිරු කුමාර කඩුළු 2ක් සහ කසුන් රජිත එක් කඩුල්ලක් දවා ගත්හ. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 13ක ජයක් හිමි විය. වනිදු හසරංග තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා බවට පත්විය.
 

More News..