brand logo

ශේන් වෝන්ටත් කොරෝනා

03 August 2021

හිටපු සුපිරි දඟපන්දු යැවීමේ ක්‍රීඩක ශේන් වෝන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන 'ද හන්ඩ්‍රඩ් බෝල්' ක්‍රිකට් තරගාවලියේ 'ලන්ඩන් ස්පිරිට්' කණ්ඩායමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී වෝන්ට මෙසේ වයිරසය ආසාදනය වී තිබේ. වෝන්ට අමතරව තවත් පාර්ශ්වයකට අදාළ වයිරසය ආසාදනය වී ඇති බව පවසන විදෙස් මාධ්‍ය ඔවුන්ව ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පවසා තිබේ. අදාළ තරගාවලියේ තරග හතරකට සහභාගි වී තිබෙන ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම ඉන් තරග තුනක් පරාජය වී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර තිබේ.
 

More News..