brand logo

ශී‍්‍ර ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

15 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශී‍්‍ර ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් ලබාගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න ලකුණු 19ක් සහ මලින්ද පුෂ්පකුමාර එක් ලකුණක් ලබාගෙන සිටියා. කෞෂාල් සිල්වාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි. කාසියේ වාසිය දිනාගෙන තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 285ක් ලබාගැනීමට සමත් වුණා.
 

More News..