brand logo

ශී‍්‍ර ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

16 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවන දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ පිටියේදීයි. ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටිනවා. ඊයේ දිනය නිමාවන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදී සියලුදෙනා දැවී ලකුණු 336ක් ලබාගත්තා. සංචාරක එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 290ක් ලබාගත්තා. ඒ අනුව ඊයේ දිනය නිමාවන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටීමට සමත් වුණා.
 

More News..