brand logo

ශිතකළ ආහාර මඟින් කොවිඩ් පැතිරීමක් නෑ -WHO

14 August 2020

ශීතකළ ආහාර හෝ ඇසුරුම් මගින් නව කොරෝනා වෛරසය මිනිසුන් අතර පැතිර යන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ මයික් රයන් ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය. "ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ. එහිදී ජනතාවට සුවපහසුව සහ ආරක්ෂාව දැනිය යුතුයි." වෛද්‍ය රයන් කියා සිටියේය. බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇතැයි චීන රජය පවසයි.දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම කුකුළු මස් තොගයෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව සොයාගෙන තිබේ. ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ කූනිස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද කොවිඩ් - 19 ඇති කිරීමට හේතුවන කොරෝනා වයිරසය හමුවූ බව ඔවුහු පවසති. මෙම නිෂ්පාදනයන් සමග ගැටී ඇති පුද්ගලයන් වහාම සොයා ඔවුන් පරීක්ෂාවට ලක්කර තිබුණත්, ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදිතව නොතිබුණු බවද ඔවුන් තහවුරු කරගෙන තිබූ අතර, ඒවා ගබඩා කර තැබූ ස්ථාන විෂබීජහරණයට ලක්කිරීමටත් කටයුතු කර තිබුණි.
 

More News..