brand logo

ශාරුක්ගෙන් ඕන දෙයක් අහන්න අවස්ථාවක්

19 April 2021

ෂාරුක් ඛාන් නිතර සමාජ මාධ්‍ය හරහා සිය රසික රසිකාවියන් සමග සුහද කතාබහේ යෙදෙන්නෙකි. පසුගිය දිනවල ද ඔහු සිය ට්විටර් ගිණුම හරහා මෙවැනි පිළිසඳරකට එක් විය. එය හඳුන්වා තිබුණේ ‘මගෙන් ඕන දෙයක් අහන්න’ (Ask Me Anything) යනුවෙනි. <div class="paragraphs"><p>Shah Rukh Khan hosted an #AskSRK session on Twitter</p></div> මෙහි දී රසික රසිකාවියන් වැඩි දෙනකු උනන්දුව දක්වා තිබුණේ ෂාරුක්ගේ අලුත්ම චිත්‍රපටය වන පතාන් ගැන දැනගන්නට යි. එය ඔහු වසර දෙකකට වැඩි නිහැඬියාවකින් පසු රඟපාන පළමු චිත්‍රපටය නිසා ඒ ගැන රසිකයන් තුළ විශාල උනන්දුවක්, බලාපොරොත්තුවක් ඇති බව පෙනේ. ෂාරුක් අවසන් වරට රඟපෑවේ 2018 වසරේ තිරගත වූ ‘සීරෝ’ චිත්‍රපටයේ යි. ඒ වනවිට ඔහුගේ රංගන ජීවිතය කිසියම් පසුබෑමකට ලක්ව තිබූ ආකාරයක් දැකිය හැකි විය. චිත්‍රපට කිහිපයක් ම එතරම් ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් වූයේ නැත.

දැන් ෂාරුක් රංගනයෙන් විශ්‍රාම ගත යුතු බවට ඇතැමුන් සරදම් කරනු ද දැකිය හැකි විය. ඔහු මඳ කලකට නිවාඩුවක් ගත්තේ මෙම පසුබිම තුළ ය. සිය ඊළඟ නිර්මාණය ඉතා පරෙස්සමින් සැලසුම් කළ යුතු නිසා මෙවැනි විවේකයක් ගන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.

Pathan Official Trailer 61 Interesting facts| Shah Rukh Khan, Deepika Padukone ,Siddharth Anand,YRF - YouTube ‘පතාන්’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් ඇති අතර දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ද එහි චරිත නිරූපණය කරති. සල්මාන් ඛාන් ද මෙහි දර්ශන කිහිපයකට පෙනී සිටියි. ෂාරුක් ඉහත කී පිළිසඳරේ දී මේ ගැන ද කතා කර තිබිණි. මේ අතර එක් රසිකයකු ආමීර් ඛාන් ගැන ද ෂාරුක්  වෙත ප්‍රශ්නයක් යොමු කළේය. ඔහු විමසා තිබුණේ ආමීර් ගේ චිත්‍රපට අතරින් ෂාරුක් වඩාත්ම කැමැති ඒවා මොනවාද යන්න යි. එහි දී ෂාරුක් චිත්‍රපට පහක් නම් කර තිබිණි. ඒවා නම් රාඛ්, කයාමත් සෙ කයාමත් තක්, දන්ගල්, ලගාන්, 3 ඉඩියට්ස් යන චිත්‍රපට යි.  ආමීර් සහ ෂාරුක් තවමත් කිසි දිනෙක එකම චිත්‍රපටයක රඟපා නැත. තමා සමග පිළිසඳරට එක් වූ ඇතැමුන් ට යම් යම් උපදෙස් දීමටත් ෂාරුක් පියවර ගෙන තිබුණේ ය. එක් රසිකාවියක ඔහුගෙන් විමසා තිබුණේ තමාගේ ලස්සන ගැන අවිශ්වාසයකින් පෙළෙන යුවතියකට ඔහු දෙන ඔවදන කුමක් ද යන්න යි. ෂාරුක් ඊට පිළිතුරු දී තිබුණේ ‘එකිනෙකාගෙන් වෙනස් වූ තමාටම ආවේණික ලස්සනක් සෑම යුවතියකටම තිබෙනවා. ඒ නිසා සන්සන්දනය කරන්න යන්න එපා. ඔබ සුවිශේෂී බව නිතර මතක තබා ගන්න’ යනුවෙනි. තවත් රසිකයෙකු මෙවැනි පැනයක් යොමු කර තිබිණි: ‘නළුවකු වීමට ලැබීම  ගැන ඔබ කෙතරම් සතුටු වෙනවාදැයි ඔබ නිතරම පවසනවා. එහෙම වුණත් මීට වඩා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තිබුණා නම් හොඳ යයි සිතුණු අවස්ථා ඔබේ ජීවිතයේ නැද්ද?’   ෂාරුක් ඊට දී තිබුණේ මෙවැනි පිළිතුරකි: ‘මගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයක් තමයි. අපි හැමෝටම තියෙන්නේ සාමාන්‍ය ජීවිත. එකම දේ එකිනෙකාගේ  සාමාන්‍ය ජීවිත එකිනෙකින් වෙනස් වීමයි’. May be an image of 1 person, playing billiards and food තවත් රසිකයකු ෂාරුක්ගෙන් අසා තිබුණේ මෙවැනි ප්‍රශ්නයකි:වයස අවුරුදු 23 දීත් තමාට ගැලපෙන වෘත්තිය කුමක්දැයි නිශ්චිතව තෝරා ගැනීමට කෙනකුට නොහැකි වී ඇත්නම් එය ලොකු ප්‍රශ්නයක් ද? එය ප්‍රමාද වැඩි ද? නැත්නම් මම බොරුවට කලබල වෙලා ද?’. මෙම රසිකයා අසා ඇත්තේ තමාට බලපාන ගැටලුවක් ගැන බව පෙනේ. ෂාරුක් ඔහුට මෙවැනි පිළිතුරක් දී තිබිණි.

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. මහන්සි වී වැඩ කරන්න. හැමදේම හොඳින් සිදු වේවි. මම චිත්‍රපටවලට සම්බන්ධ වුණේ වයස අවුරුදු 26 දී යි. මේකෙන් ඔබට යම් සහනයක් දැනෙයි කියා සිතනවා. ඔබේ කාලය නාස්ති කරන්න එපා. එච්චරයි’

ෂාරුක් ගේ බිරිඳ ගෞරි ට අදාළ ප්‍රශ්නයක් ද එක් රසිකයකු අසා තිබිණි. ඔහු අසා තිබුණේ ‘ඔබේ බිරිඳ ඔබට ආදරය කරන්නට හේතු මොනවාද?’ යනුවෙනි. ෂාරුක් නොපමාව පිළිතුරක් දෙමින් මෙසේ පවසා තිබිණි. ‘මම උයනවා, ගෙවල් අස්පස් කරනවා, දරුවන් බලාගන්නවා. මං හුඟක් කඩවසම් වීමත් එක හේතුවක් මයෙ හිතේ...’   සහන් වික්‍රමගේ
 

More News..