brand logo

ශානි තවදුරටත් රිමාන්ඩ්

21 January 2021

‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද (21) ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ ශානි ඇතුළු සැකකරුවන් පිරිස යළි රිමාණ්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර ඇත. අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් බාරයේ සිටියි. ශානි අබේසේකර මහතාට අමතරව , රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩි.නවරත්න ප්‍රේමතිලක යන අයයි. මෙම නඩුවේ සිව්වන සැකකරු වන එච්.ඩී. නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු අධිකරණය හමුවේ පැවසීය.
 

More News..