brand logo

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

03 February 2021

‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද (03) ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට මෙම නඩුව කැදවූ අවස්ථාවේ ශානි ඇතුළු සැකකරුවන් පිරිස යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර ඇත. අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් බාරයේ සිටියි. ශානි අබේසේකර මහතාට අමතරව , රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ සෙසු සැකකරුවන් වන්නේ , ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩි.නවරත්න ප්‍රේමතිලක යන අයයි. මෙම නඩුවේ 03 වන සැකකරු ලෙස නම් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ දී අද (03) කිසිවක් අනාවරණය නොවීය.
 

More News..